" නෙළුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොට්ඨාස දින රැස්වීම 20.11.2024 කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

අපගේ දැක්ම

සෞභාග්‍යත්ම නෙළුව

අපගේ මෙහෙවර

දූෂණයෙන් තොර කාර්යක්ෂම හා සඵලදායි පාලනයක් තුළින් ජීවනෝපාය සහ යටිතල පහසුකම් සංවර්ධනය මානව සම්පත් සංවර්ධනය සහ මූල්‍ය කළමනාකරණය පාරිසරික සංරක්ෂණය, ඉඩම් සහ ආපදා කළමනාකරණය සමාජ සුභසාධනය හා සමාජ සංවර්ධනය

 

ඉතිහාසය

 1975.02.03  හිනිදුම් පත්තුව උතුර (‍නෙළුව) ප්‍රාදේශිය ආදායම් නිලධාරී කාර්යාලය ලෙසින් නෙළුව ප්‍රාදේශීය පරිපාලනය ආරම්භ විය. ඊට පෙර ඒ දක්වා  නෙළුව ප්‍රදේශය තවලම පිහිටි හිනිදුම පත්තුව සහකාර ආණ්ඩුවේ ඒජන්ත කාර්යාලය මගින් පාලනය වූ අතර 1975 දී හිනිදුම් පත්තුව කොට්ඨාසය හිනිදුම් පත්තුව උතුර (නෙළුව) හා හිනිදුම් පත්තුව දකුණ (තවලම) ලෙස කොට්ඨාසය 02 කට වෙන් කරන ලදී. පළමුව මෙම කාර්යාලය නෙළුව බටුවංගල ප්‍රදේශයේ ස්ථාපිත කරන ලදී. ඉන් අනතුරුව කෙටි කාලසීමාවකින් පසුව ප්‍රාදේශිය ආදායම් නිලධාරී කාර්යාලය, උප දිසාපති කාර්යාලයක් බවට උසස් කරන ලදී.

එතෙක් බටුවංගල ප්‍රදේශයේ ස්ථාපිතව පැවති කාර්යාලය 1985 .04.19 දින දැනට කාර්යාලය පවතින ස්ථානයේ ස්ථාපිත කරන ලදී. එතෙක් පැවති උප දිසාපති කාර්යාලය වර්ෂ 1992 සිට ප්‍රාදේශිය මහ ලේකම් කාර්යාලය බවට පත් විය.

1975 දී මෙම කොට්ඨාසයේ ප්‍රථම ප්‍රාදේශීය ආදායම් පාලක නිලධාරීවරයා ලෙස එවකට හිනිදුම් පත්තුව දකුණ (තවලම) උප දිසාපතිවරයා ලෙසින් සේවය කල ජී.එල්. පියදාස මහතා පත් වූ අතර එදා සිට මේ දක්වා පත්වූ ප්‍රාදේශීය ආදායම්  නිලධාරීන්,සහකාර ආණ්ඩුවේ ඒජන්තවරුන්, උප දිසාපතිවරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් 18 දෙනෙක් ප්‍රාදේශිය සිවිල් පරිපාලනයට නායකත්වය සැපයීය.

   මූලික තොරතුරු

ගාල්ල දිස්ත්‍රික්කයේ ඊසාන දිග මායිමේ නෙළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය පිහිටා ඇත. මෙය හිනිදුම් පත්තුව උතුර නමින් ද හැඳින්වේ. නැගෙනහිර දේශාංශක 80 – 19 හා 89 – 29.5 අතරද උතුරු අක්ෂාංශ 6 – 17 – 6 – 25.5 අතර ද පිහිටා ඇත. උතුරට : කළුතර හා රත්නපුර දිස්ත්‍රික්ක නැගෙනහිරට : මාතර දිස්ත්‍රික්කය දකුණට : මාතර දිස්ත්‍රික්කය බටහිරට : තවලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයයි.

හෙක්ටයාර 15384 ක් විශාල වන නෙළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය වර්ග කි.මි 153 කි. ගාල්ල දිස්ත්‍රික්කයේ මුළු භූමි ප්‍රමාණයෙන් 9.25% ක් නෙළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට අයත් වන අතර විශාලත්වයෙන් දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 18 අතුරින් 4 වන ස්ථානය ගනී.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඊසාන දිග සිමාවේ නෙළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය පිහිටා ඇත.මෙම කොට්ඨාසයේ පිහිට්ම අනුව උතුරින් කිලෝමිටර් 120-140 හා නැගෙනහිරින් කි.මි 145-170 අතර පිහිටා ඇත. 

මෙම කොට්ඨාසයේ ග්‍රාම නිළධාරි වසම් 34 අතරින් කුඩාම වසම ලෙස පහළ මද්දෙගම  ග්‍රාම නිලධාරි වසම හැදින්විය හැකි අතර, විශාලම වසම ලෙස ලංකාගම ග්‍රාම නිලධාරි වසම හැදින්විය හැකිය.  නෙළුව කොට්ඨාසයේ භු විද්‍යාත්මක තොරතුරු අනුව ප්‍රාග් ක්‍රේම්බ්‍රිය යුගයට අයත් පාෂාණ වලින් සමන්විත වි ඇත. විශේෂයෙන්ම මෙම කොට්ඨාශයේ විජයානු ශ්‍රේණියට අයත් චානෝකයිට් හා මෙටා අවසාදිත පාෂාණයන්ගෙන් සමන්විත වි ඇත.

මෙම කොට්ඨාසයේ භු විෂමතාවය පිළිබද සලකා බැලිමේදි භු විෂමතා කලාප 03ක් හදුනාගත හැකිය.එනම් තණ බිමි, මධ්‍යස්ථ උසකින් යුත් හෙළ බිම් හා, අඩි 500ට වඩා උස් කඳු සහිත බිම් වශයෙනි.මෙම කොට්ඨාසයේ බිම් ප්‍රමාණයෙන් අඩි 500 ට වඩා උස් බිම් දක්වා දක්නට ලැ‍බේ. සාමාන්‍ය උන්නතාංශය අඩි 300 ට වඩා උසින් යුතුව මෙම කොට්ඨාසය පිහිටා ඇත. වයඹ හා ගිනිකොන දිශානුගතිකව විහිදෙන සුවිසල් කඳු පන්තියකින් සමන්විත මෙම කොට්ඨාසයේ භු විෂමතාවය අනුව වැඩි උන්නතාංශය හි පිහිටිමට හේතු වි ඇත්තේ මධ්‍ය කඳුකරයට ආශ්‍රිතව පිහිටා තිබිමයි.

මෙම කොට්ඨාසයේ පවතින වර්ෂාපතනය ව්‍යාප්තිය අනුව ප්‍රධාන කලාප 02 ක් හදුනාගත හැක. එනම් මි.ලි 5000-4000 අතර ප්‍රදේශ හා මි.ලි 4000- 5000අතර ප්‍රදේශ වශයෙනි. සමස්තයක් වශයෙන් ගත් කල මෙම කොට්ඨාසයේ මි.ලි 3000 ට වඩා වැඩි වර්ෂාපතනයක් ලබන පසු කාලිනව අධික උෂ්ණත්වයක් හි අධික සුළං කාල පරිච්ඡේදයක් නොමැති පහත රට තෙත් කලාපයට අයත් ප්‍රදේශයක් ලෙස හැදින්විය හැකිය.

නෙළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය භූ විෂමතාවය අනුව බලන විට නිරිත දිග පහත් බිම් කොටසට අයත් වේ.  මෙම කොට්ඨාසයේ සාමාන්‍ය උන්නතාංශය මීටර් 120 ඉක්මවයි. උන්නතාංශය සලකා බැලීමේදී අඩි 300 සමෝච්ච රේඛාවට ඉහලින් පිහිටි කඳුකර ප්‍රදේශයකි. මෙම කඳුවැටිය වයඹ, ගිණිකොන දිශානුගතව විහිදේ. නෙළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස අතුරින් වැඩිම උන්නතාංශයක පිහිටා ඇති අතර එයට හේතු වී ඇත්තේ මධ්‍යම කඳුකරයට දකුණින් පිහිටි රක්වාන කඳුවැටියට පහලින් පිහිටා තිබීමයි.

නෙළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ උතුරු කොටස සිංහරාජ අඩවියෙන් මායිම් වේ. උතුරු මායිමෙහි බටහිර කොටසෙහි උන්නතාංශය මීටර් 450 ඉක්මවයි. නැගෙනහිර දෙසින් දෝතලුගල කඳුවැටි ප්‍රදේශය මීටර් 757.6 දක්වාද, පත්තිනිගල කඳු ප්‍රදේශය මීටර් 602 දක්වාද, කොලොන්තොටුව ප්‍රදේශය මීටර් 546 ක උසක්ද ලංකාගම ප්‍රදේශයේදී මීටර් 570 ඉක්මවන අතර නැගෙනහිර මායිම මීටර් 775 ඉක්මවයි. දෙල්ලව ප්‍රදේශයේ උන්නතාංශය මීටර් 600 ක් වන අතර, දංගල ස්ථානයේ උස මීටර් 701.1 කි.

දකුණු කොටස මිල්ලව මිටර් 510ක් වන අතර මියනවතුර ප්‍රදේශය මීටර් 579.6 ක්ද පනාගොඩ කොටසේ කළුබෝවිටියන මීටර් 732 උන්නතාංශයක් ද, කබරගල ස්ථානයේ මීටර් 519 ක උන්නතාංශයක් ද පෙන්වයි.

තවලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයෙන් මායිම් වන බටහිර කොටසේ දනවල, ඇඹලෙගෙදර, මාවනාන, ගිඟුම්මඩුව ප්‍රදේශයන්හි උන්නතාංශය මීටර් 150 ක් පමණ වේ.

නෙළුව කොට්ඨාසයේ අභ්‍යන්තරයේ මැණිකාවිට ප්‍රදේශයෙහි මීටර් 413.4 ක් ද, හප්පිටිය ප්‍රදේශය මීටර් 238.8 ක උන්නතාංශයකින් යුතු වේ.

නෙළුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ජලවහනය සලකා බැලීමේදී ඊසාන දෙසින් නෙළුව කොට්ඨාශයට ඇතුල්වන ගිං ගඟ රක්වාන කඳුවැටියේ ගොන්ගල කන්දෙන් ආරම්භ වේ. ගිං ගඟ ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන ජලවහන මාර්ගයක් වේ. ඊසාන දෙසින් ප්‍රදේශයට පිවිසෙන ගිං ගඟ ලංකගම, මාදුගැට ග්‍රාම නිලධාරී වසම්වල දකුණු මායිම ඔස්සේ බටහිරට ගලා ගොස් බටුවංගල මාදුගැට මායිම් දිගේ උතුරට ගමන් කොට මද්දේගම, නෙළුව සහ මාවනාන උතුරු මායිම ඔස්සේ බටහිරට ගලා ගොස් හිනිඳුම්පත්තුව දකුණු කොටසට (තවලම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයට)  ඇතුල් වේ. ගිං ගඟ කොට්ඨාසයේ උතුරින්, නැගෙනහිරින් සහ දකුණින් අතු ගංගාවක් එකතු වේ.

 

>>>> සම්පත් පැතිකඩ - 2023 <<<<

          [PDF - 6.75 MB]

 

  1991 වසරේ සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන්

 

නම

තනතුර

1

පියදාස ලියනාරච්ච් මයා

ප්‍රාදේශීය ‍ලේකම්
2

එන්. එල් .ගුණවර්ධන මයා

ප්‍රාදේශීය ‍ලේකම්
3

එම් .කේ .ඩබ් තිලකසිරි මයා

ප්‍රාදේශීය ‍ලේකම්
4

විජිත ජයසුන්දර මයා

ප්‍රාදේශීය ‍ලේකම්
5

පී.වික්‍රමාරච්ච් මයා

ප්‍රාදේශීය ‍ලේකම්
6

ධර්මපාල කස්තුරිආරච්ච්

ප්‍රාදේශීය ‍ලේකම්
7

එම්. ඒ .ආරියවංශ මයා

ප්‍රාදේශීය ‍ලේකම්
8

එල්.කේ .ඩි .එල් .යසපාල

ප්‍රාදේශීය ‍ලේකම්
9

ඩ්. පී .ඒකනායක

ප්‍රාදේශීය ‍ලේකම්
10

එස්. ලොකු ගමගේ මයා

ප්‍රාදේශීය ‍ලේකම්
11

එස් .ආර්. එස් . සේනානායක මයා

ප්‍රාදේශීය ‍ලේකම්
12

එම් .බි .එම්. සෝමරත්න

ප්‍රාදේශීය ‍ලේකම්
13

වි .එම් .ධර්මසේන මයා

ප්‍රාදේශීය ‍ලේකම්
14

නිමල් ගුණවර්ධන මයා

ප්‍රාදේශීය ‍ලේකම්
15

පි .එස් .කේ .ආර් .විරකෝන් මයා

ප්‍රාදේශීය ‍ලේකම්
16

ඩබ්.බඩ්.කේ. විතානගේ මයා

ප්‍රාදේශීය ‍ලේකම්
17

සී.බී.කේ. ජානක ගුරුසිංහ මයා

ප්‍රාදේශීය ‍ලේකම්
18 කේ.ඩී. චතුරංග ගුණසේකර මයා

ප්‍රාදේශීය ‍ලේකම්

19 ආර්.එච්.එස්. ප්‍රියදර්ශන මයා

ප්‍රාදේශීය ‍ලේකම්

 

               

Scroll To Top