|
සිවිල් ලියාපදිංචිය
- 1. සම්පූර්ණ කරන ලඳ අයදුම්පත්‍රය
- 2. ගාස්තුව එක් පිටපත සඳහා රු.100.00 (අංක තිබේ නම් රු.100.00 නැත්නම් රු.200.00)
- 3. 1960 වර්ෂයේ සිට2010 දක්වා ලංකාව පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලටඅයත් උපත් මරණ සහතික නිකුත් කල හැක.
(කොට්ඨාශය ඇතුලත සිදුවු උපත, මරණ, විවාහවල සහතිකයේ පිටපත් අප කාර්යාලයෙන් ලබාගත හැක)
හෝමාගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුලදී සිදුවන උපත්, විවාහ, මරණ ලියාපදිංචි කරගන්නා ආකාරය පහත විස්තර කර ඇති අතර කොට්ඨාශයේ උපත්, විවාහ, මරණ රෙජිස්ට්‍රාර් වරුන්ගේ විස්තර වෙබ් පිටුව අවසානයේ දක්වා ඇත.
සිවිල් ලියාපදිංචි කිරීම යටතේ සිදුවන ලියාපදිංචි
- විවාහ ලියාපදිංචි කිරීම
- විශේෂ බලපත්‍ර මත විවාහ සිදු කිරීම ( සාමාන්‍ය විවාහ)
- උප්පැන්න, විවාහ, මරණ සහතික පිටපත් නිකුත් කිරීම.
- කල්ගිය උපත් ලියාපාදිංචි කිරීම
- අනුමාන වයස් සහතික නිකුත් කිරීම.
- 27 වන වගන්තිය යටතේ උප්පැන්නයක 2 තීරය සංශෝධනය කිරීම
- 27 ආ වගන්තිය යටතේ උප්පැන්නයක 4, 6,7,8,9 තීරූ සංශෝධනය
- 52/1 වන වගන්තිය යටතේ උප්පැන්නයක හෝ මරණ සහතිකයක සංශෝධනය කිරීම
- කල්ගත වූ මරණ ලියාපදිංචි කිරීම
- 01. විවාහ ලියාපදිංචි කිරීම
අරමුණ.
නීතයානුකූල විවාහයක් සිදුකිරීම
අවශ්‍ය සුදුසුකම්
- දෙපාර්ෂවයටම වයස අවූ 18 සම්පූර්ණ වීම
- නිසි පරිදි සම්පූර්ණ කර සහතික කරන ලද දැන්වීම් නියමිත මුදල් ද සමඟ භාර දීම
- දෙපාර්ශවය අදාල දිස්ත්‍රික්කය තුල පදිංචි වී සිටීම හෝ දිස්ත්‍රික්ක දෙකක පදිංචි නම් අදාල කාල සීමාව තුල විවාහ දැන්වීම් හුවමාරු කර තිබීම.
- වැදගත් සාක්ශිකරුවන් දෙදෙනෙකු ඉදිරිපත් වීම.
- විවාහ වීමට නීත්‍යානුකූල බාධාවක් නොමැති වීම
සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ පනතේ 112 අධිකාරිය යටතේ සුදුසුකම් සපුරා තිබීම
අවශ්‍ය ලිපිලේඛන
- නිවැරදි ලෙස සම්පූර් ණ කර මුදල් ගෙවා සහතික කරන ලද ලි.ප.බි 100 විවාහ දැන්වීම
- නිවැරදි ලෙස සම්පූර් ණ කර මුදල් ගෙවා සහතික කරන ලද ලි.ප.බි 104 ප්‍රකාශය හා ලි.ප.බි 121 ඉල්ලුම් පත්‍රය
- ලි.ප.බි 105 , ලි.ප.බි 103, ලි.ප.බි 157, ලි.ප.බි 115 විවාහ ලේකම් පොතෙහි ආකෘති
- 02. විශේෂ බලපත්‍ර මත විවාහ සිදු කිරීම ( සාමාන්‍ය විවාහ)
අරමුණ
නීත්‍යානුකූල විවාහයක් සිදු කිරීම
අවශ්‍ය සුදුසුකම්
- දෙපාර්ශවයේම වයස අවු 18 සම්පූර්ණ වීම
- සාමාන්‍ය විවාහ ලියාපදිංචි කිරීමේ පනතේ 112 අධිකාරිය යටතේ සුදුසුකම් සපුරා තිබීම
- විවාහ දැන්වීම් දීමට පූර්වාසන්න දින 10 අතර තුර විවාහ ලියාපදිංචි කිරීමේ කොට්ඨාශ තුල පදිංචිව සිටීම
- විවාහ වීමට නීත්‍යානුකූල බාධාවක් නොමැති වීම
අවශ්‍ය ලිපි ලේඛන
- ලි.ප.බි 100 - විවාහ දැන්වීම
- ලි.ප.බි 121 - සහතිකයක් ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය
- ලි.ප.බි 104 - ප්‍රකාශය
- ලි.ප.බි 105 - රෙජිස්ට්‍රාර් වරයාගේ සහතික පත්‍රය
- ලි.ප.බි 103 - රේජිස්ට්‍රාර් වරයාගේ සහතික පත්‍රය
- ලි.ප.බි 157 - විවාහයට අදාල ජීව සංඛ්‍යාත විස්තරය
- 03. උප්පැන්න, විවාහ, මරණ සහතික පිටපත් නිකුත් කිරීම.
අරමුණ
නීත්‍යානුකූලව සහතික කරන ලද විවාහ, මරණ, උප්පැන්න උඩරට විවාහ දික්කසාද හා මුස්ලිම් දික්කසාද පිටපත් නිකුත් කිරීම.
අවශ්‍ය සුදුසුකම්
ඉල්ලා සිටින සහතිකයට අදාල සිදුවීම, බලප්‍රදේශය තුල සිදුවී තිබීම.
1960 වර්ෂයේ සිට2010 දක්වා ලංකාව පුරා ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලටඅයත් උපත් මරණ සහතික නිකුත් කල හැක.
අවශ්‍ය ලිපිලේඛන
- අදාල ආකෘති පත්‍රය
- අවශ්‍ය පිටපත් අනුව මුදල්
- 04. කල්ගිය උපත් ලියාපාදිංචි කිරීම
අරමුණ
ලියාපදිංචි වී නොමැති උපතක් නීත්‍යානුකූල කිරීම
අවශ්‍ය සුදුසුකම්
- උපත සිදුවු ස්ථානය තම කොට්ඨාශය තුල පිහිටා තිබීම
- උපත ලියාපදිංචි වී නොමැති බව තහවුරු වීම
අවශ්‍ය ලිපිලේඛන
- 24 වගන්තිය යටතේ වූ ප්‍රකාශ පත්‍රය
- උපත ලියාපදිංචි වී නොමැති බවට ලේඛන සෙවීමේ ප්‍රතිඵලය
- පුද්ගලයාගේ උපන්දිනය හා උපන් ස්ථානය ඇතුලත් ලියවිලි වලින් එකක් (රෝහල් වාර්තා / ග්‍රාම නිලධාරී වාර්තා හෝ පිලිගත් හැඳුනුම්පතක්)
- දෙමවුපියන් විවාහක නම් ඔවුන්ගේ විවාහ සහතිකය ( අවිවාහක නම් පියගේ දිවුරුම් ප්‍රකාශය)
- දිවුරුම් ප්‍රකාශ සහ කරුණ සනාත කර ගත හැකි වාර්තා
- ප්‍රකාශය ඉදිරිපත් කරන අය විසින් ඉදිරිපත් කරන දිවුරුම් ප්‍රකාශය
- දෙමවුපියන්ගේ උප්පැන් සහතිකය
- ග්‍රාම නිලධාරී ප්‍රකාශය
- උපත ලැබූ ස්ථානය වත්තක නම් වතු අධිකාරිගේ ප්‍රකාශය
- 05. අනුමාන වයස් සහතික නිකුත් කිරීම.
අරමුණ
- ලිඛිත සාක්ෂි නොමැති උපතක් ලියාපදිංචි කිරීම
අවශ්‍ය සුදුසුකම්
- උපත ලියාපදිංචි වී නොමැති බව තහවුරු වීම
- කොට්ඨාශය තුළ පදිංචි වී සිටීම
අවශ්‍ය ලිපිලේඛන
- 24 වගන්තිය යටතේ වූ ප්‍රකාශ පත්‍රය
- උපත ලියාපදිංචි වී නොමැති බවට ලේඛන සෙවීමේ ප්‍රතිඵලය
- දිවුරුම් ප්‍රකාශය හා කරුණ සනාථ කර ගත හැකි වාර්තා ( ග්‍රාම නිලධාරී වාර්තා, විවාහ සහතිකය හෝ සහෝදර සහෝදරින්ගේ උප්පැන්න සහතිකය)
- 06. 27 වන වගන්තිය යටතේ උප්පැන්නයක 2 තීරය සංශෝධනය කිරීම
අරමුණු
- නමක් රහිත උප්පැන්න සහතිකයකට නමක් ඇතුලත් කිරීම
- උප්පැන් සහතිකයේ නම සංශෝධනය කිරීම
අවශ්‍ය සුදුසුකම්
- බලප්‍රදේශය තුල උපත ලියාපදිංචි වී තිබීම
- අලුතින් ඇතුලත් කිරීමට යෝජිත නම හෝ තිබෙන නම වෙනස් කර ඒ වෙනුවට දැමීමට යෝජිත නම කලක සිට භාවිතා කර තිබීම.
අවශ්‍ය ලිපිලේඛන
- ප්‍රකාශ පත්‍රයේ සංශෝධනය කල යුතු උප්පැන්න සහතිකයේ සහතික කල පිටපතක්
- අවු 7 ට වැඩි අයෙකුගේ නම් ප්‍රකාශය සනාත කිරීම සඳහා වසරකට වඩා පැරණි ලිඛිත සාක්ශි අවම වශයෙන් තුනක් (ගෘහමූලික ලැයිස්තු, පුවත්පත් දැන්වීම, ඉතිරි කිරීමේ බැංකු පොත, තැපැල් හැඳුනුම්පත, විවාහ සහතිකය, දරුවන්ගේ උප්පැන්න සහතිකය. පාසල් වාර්තා)
- වයස අවු 21 ට අඩු නම් දෙමවුපියන්ගේ විවාහ සහතිකයේ සහතික කල පිටපතක්
- ග්‍රාම නිලධාරී සහතිකය
- දිවුරුම් ප්‍රකාශය
- රාජ්‍ය සේවකයින් සඳහා භාණ්ඩාගාර චක්‍ර ලේඛ අංක 394/1957.08.18 යටතේ නම වෙනස් කිරීමේ ආකෘති පත්‍රය සමඟ ලබාගත් ලිපිය
- 07. 27 ආ වගන්තිය යටතේ උප්පැන්නයක 4, 6,7,8,9 තීරූ සංශෝධනය
අරමුණු
පුද්ගලයෙකුගේ උප්පැන්න සහතිකය වෙනස් කිරීම, ඇතුලත් කිරීම, අත් හැරීම හා නිවැරදි කිරීම
අවශ්‍ය සුදුසුකම්
බල ප්‍රදේශය තුල උපත ලියාපදිංචි වී තිබීම
අවශ්‍ය ලිපිලේඛන
- උප්පැන්න සහතිකයේ සහතික කල පිටපතක්
- මවගේ හා පියා ගේ උප්පැන්න සහතික වල සහතික කල පිටපත්
- දෙමවුපියන්ගේ විවාහ සහතිකයේ සහතික කල පිටපත්.
- පියා මියගොස් ඇති විට මරණ සහතිකය
- දිවුරුම් ප්‍රකාශය
- ග්‍රාම නිලධාරී සහතිකය.
08. 52/1 වන වගන්තිය යටතේ උප්පැන්නයක හෝ මරණ සහතිකයක සංශෝධනය කිරීම
අරමුණු
- උප්පැන්න සහතිකය 1,3, හා 5 තීරු වල සිදුවී ඇති දෝෂ නිවැරදි කිරීම
- මරණ සහතිකයක සිදුවී ඇති දොෂ නිවැරදි කිරීම ( හදීසි මරණ පරීක්ෂක වරයෙකුගේ සහතිකයක් මත නොවන)
අවශ්‍ය සුදුසුකම්
බල ප්‍රදේශය තුල උපත හෝ මරණය ලියාපදිංචි කර තිබීම
අවශ්‍ය ලිපිලේඛන
- උප්පැන් සහතිකයක් සඳහා
- ප්‍රකාශ පත්‍රය
- උප්පැන් සහතිකය සහතික කල පිටපතක්
- සිදුවී ඇති දෝෂය හා නිවැරදි විය යුතු ආකාරය සඳහා දිවුරුම් ප්‍රකාශයක්
- වෛද්‍ය වාර්තා
- රෝහල් සාක්ශි
- පාසලෙන් ලබාගත් වාර්තා
- වතු වාර්තා
- සෑහීමකට පත් විය හැකි වෙනත් වාර්තා
v වෙනස් විය යුතු තීරය අනුව ලිපිලේඛන වෙනස් විය හැකිය
මරණ සහතිකයක් සඳහා
- මිය ගිය පුද්ගලයාගේ මරණ සහතිකයේ සහතික කල පිටපතක්
- ආරෝග්‍යශාලා , රජයේ රෝහල් හෝ එබඳු ආයතන වල ලේඛන වල ඇති සහත්ක පිටපත්
- රෝහල් මරණ ප්‍රකාශය
- ග්‍රාම නිලධාරී මරණ වාර්තාව
- මියගිය පුද්ගලයාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත්
- මියගිය පුද්ගලයාගේ දරුවන්ගේ උප්පැන්න සහතික වල මුල් පිටපත්
- මියගිය පුද්ගලයාගේ රැකියවේ පත්වීම් ලිපිය, රාජකාරී හැඳුනුම්පත, විශ්‍රම ලිපිය, වැටුප් විස්තර
- මියගිය පුද්ගලයාට ප්‍රතිකාර කල වෛද්‍යවරයා විසින් නිකුත් කල මරණයට හේතුව සඳහන් ලිපියක්.
- 09. කල්ගත වූ මරණ ලියාපදිංචි කිරීම
අරමුණ
මරණය ලියාපදිංචි වී නොමැති බවට තහවුරු වූ පුද්ගලයෙකුගේ මරණය ලියාපදිංචි කිරීම
අවශ්‍ය සුදුසුකම්
- මරණය සිදුවූ ස්ථානය අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨශය තුල පිහිටා තිබීම
- එම මරණය ලියාපදිංචි වී නොමැති බව තහවුරු වීම
අවශ්‍ය ලිපිලේඛන
- 36 වගන්තිය යටතේ වූ ප්‍රකාශ පත්‍රය
- මරණය ලියාපදිංචි වී නොමැති බවට ලේඛන සෙවීමේ ප්‍රතිඵලය
- පුද්ගලයෙකුගේ මියගිය දිනය, සිථානය ඇතුලත් පහත සඳහන් ලියවිලි වලින් එකක් ( රෝහල් වාර්තා, ග්‍රාම නිලධාරී වාර්තා)
- මරණ දැන්වීම හෝ ශෝක ප්‍රකාශ
- අවමංගල්‍ය කටයුතු සම්බන්ධයෙන් අවමංගල්‍ය සේවා සැපයූ ආයතනයන් හී බිල්පත්
- දිවුරුම් ප්‍රකාශය
- මරණයට හේතුව සනාථ කරන වෛද්‍ය වාර්තාව
- ග්‍රාම නිලධාරී වාර්තාව
සහතික පිටපත් ලබා ගැනිමට සඳහා වැයවන මුදල් ප්‍රමාණයන්
- 1. උප්පැන්න සහතිකයක් ලබා ගැනීමරු : 100.00 (ලියාපදිංචි අංකය සහ උපන්දිනය සියලුම විස්තර සහිත)
- 2. උප්පැන්න සහතිකයක් ලබා ගැනීමරු : 200.00 (උපන්දිනය පමණක් සහ වසර 02ක සෙවීමක් සහිත)
- 3. මරණ සහතිකයක් ලබා ගැනීමරු :100.00 (ලියාපදිංචි අංකය සහ මරණය සිදුවූ දිනය සහිත සියලුම විස්තර සහිත)
- 4. මරණ සහතිකයක් ලබා ගැනීම රු :200.00 (මරණය සිදුවූ දිනය සහිතව වසර 02 ක සෙවීමක් සහිතව සොයා බැලීම)
- 5. විවාහ සහතිකයක් ලබා ගැනීමරු :100.00 (ලියාපදිංචි අංකය සහ විවාහ වූ දිනය සහිතව සියලුම විස්තර සහිත)
- 6. විවාහ සහතිකයක් ලබා ගැනීමරු :200.00 (විවාහවූ දිනය හෝ වසර 02ක සෙවීමක් සහිතව සොයා බැලීම)
- 7. විවාහ ලියාපදිංචියරු :1150.00
විශේෂ බලපත්‍ර යටතේ විවාහයක් ලියාපදිංචිය සදහා රු :1150.00
විවාහ ලියාපදිංචිය (සාමාන්‍ය) රු : 950.00
- 8. ගෘහ බලපත්‍රයක් යටතේ විවාහ ලියාපදිංචිය (සාමාන්‍ය) රු :1000.00
- 9. ගෘහ බලපත්‍ර යටතේ විශේෂ බලපත්‍රයක් මතරු :1200.00
|