සහතික පත්‍ර නිකුත් කිරීම
|
ජාතික හැදුනුම්පත් නිකුත් කිරිම අරමුණ වයස අවු:15 සම්පුර්ණ කර ඇති ශ්‍රී ලංකා පුරවැසියන්ට ජාතික හැදුනුම්පත නිකුත් කිරිම සිදු කෙරේ. ජාතික හැදුනුම්පතක් ලබා ගැනීමට අවශ්‍ය සියලුම සේවාවන් ජාතික හැදුනුම්පතක් ආකාර 03 කින් නිකුත් කෙරේ.
සංශෝධිත ජාතික හැදුනුම්පතක් ලබා ගැනීම - පු.ලි.දෙ.08 ආකෘති පත්‍රය අවශ්‍ය ලිපි ලේඛන
නැතිවු ජාතික හැදුනුම්පත වෙනුවට නව ජාතික හැදුනුම්පතක් ලබා ගැනීම - පු.ලි.දෙ 07 ආකෘති පත්‍රය අවශ්‍ය ලිපි ලේඛන
විශේෂ අවස්ථා
සහතික පත්‍ර නිකුත් කිරීම 1.ආදායම් සහතික 2.වටිනාකම් සහතික 3.තක්සේරු වාර්තා 4.ව්‍යාපාර නාම ලියා පදිංචි සහතික ආදායම් සහතිකයක් ලබා දීම ආදායම් සහතිකයක් ලබා දීමේ අරමුණ නිත්‍යානුකූල ක්‍රමයක් මගින් ආදායම් උපයන එහෙත් පිලිගත් ලේඛනයක් මගින් තමන් උපයන ආදායම සනාථ කළ නොහැකි පුද්ගලයන්ගේ ආදායම් සහතික කිරීම(මෙහිදි අදාල පුද්ගලයා කැස්බෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුල පදිංචි කරුවකු විය යුතුය) ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන 1.රු 3000/- ට වැඩි ආදායම් සහතියක් සදහා මාසික ආදායම් සහ එම ආදායම් සහ එම අාදායම් ලබන මාර්ගය සදහන් කරන දිවුරුම් ප්‍රකාශයක් (රු 50/- මුද්දර මත අත්සන් කළ) ඉදිරිපත් කළ යුතුය. 2.ආදායම් මාර්ගය සනාථ කිරිමට අදාල ලියවිලිවල ඡායා පිටපත් ඉදිරිපත් කළ යුතුය.(උදා:- රියදුරකු නම් රියදුරු බලපත්‍රයේ පිටපත හා හා වාහනයේ අයිතිය සනාථ කිරීමේ ලියවිල්ලක ඡායා පිටපතක්,කුලි රථ රියදුරෙක් නම් මීට අමතරව වාහන අයිතිකරුගෙන් ලිඛිත ප්‍රකාශයක් ද ඉදිරිපත් කළ යුතුය.,ව්‍යාපාරයන් සදහා ව්‍යාපාර ලියා පදිංචි සහතික යන්න පිලිගත් විගණන සමාගමක් මගින් සහතික කරන ලද ගිණුම් වාර්තා,ව්‍යාපාර ලියා පදිංචි සහතිකය,සේවය සනාථ කිරිමට මාස 06 කට පෙර ලබාගත් ලිපියක්,වැටුප් වාර්තා,බැංකු වාර්තා ආදිය) 3.ව්‍යාපාරය පිහිටියේ පදිංචි වසමෙන් පිට නම් එවැනි ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට අදාල වසමේ ග්‍රාම නිලධාරිගෙන් ලබාගත් සනාථ කිරිමේ ලිපියක්. 4.ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් නිකුත් කරනු ලබන අයදුම්පත්‍රයේ තමා විසින් නිවැරදිව සම්පුර්ණ කර II කොටස ග්‍රාම නිලධාරිගේ සහතික කරවා ගෙන තිබිය යුතුය. 5.ඉහත සුදුසුකම් සම්පුර්ණ කර රජයේ ගාස්තු ගෙවීමේ ලදු පත ඉදිරිපත් කීරිමෙන් පසුව ආදායම් සහතිකය නිකුත් කරනු ලැබේ. වටිනාකම් සහතික නිකුත් කිරීම වටිනාකම් සහතිකයක් ලබා දීමේ අරමුණ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ පිහිටා ඇති යම් පුද්ගලයෙකු සතු නිශ්චල දේපලක දළ වටිනාකම සහතික කිරීම(මේ යටතේ සිදු කරනුයේ ඉඩමක වටිනාකම සහතික කිරීමයි) ඉදිරිපත් කළ යුතු ලියවිලි
2.තමන් සතු නිශ්චල දේපලයන්ට අදාල ඔප්පුවේ මුල් පිටපත,පත් ඉරුවල මුල් පිටපත,ඉඩමේ පිඹුරේ මුල් පිටපත සහ ඡායා පිටපත් ලිපි ලේඛන ඉදිරිපත් කිරිම මගින් නියමිත රජයේ ගාස්තුව ගෙවා වටිනාකම් සහතිකය ලබා ගත හැකිය. තක්සේරු වාර්තා තක්සේරු වාර්තාවක් ලබා දීමේ අරමුණ යම් කිසි රජයේ ආයතනයක සේවයේ නියුතුව සිටින අයකුට අයත් මෙම කොට්ඨාශය තුළ පිහිටා ඇති දේපලක/ඉඩමක දළ වටිනාකම සහතික කිරීම. ඉදිරිපත් කළ යුතු ලියවිලි 1.අදාල දේපල සදහා තක්සේරු සහතිකයක් ලබා දෙන ලෙස අදාල නිලධාරියා සේවය කරනු ලබන ආයතනය මගින් නිකුත් කරනු ලබන ඉල්ලීම් ලිපිය. 2.දේපල වටිනාකම තක්සේරු තරමින් ග්‍රාම නිලධාරි විසින් නිකුත් කරනු ලබන වාර්තාව. 3.ඉඩමේ ඔප්පුව,පත්ඉරු සහ පිඹුරේ මුල් පිටපත් හා එවන් ඡායා පිටපත්. 4.ඉහත සදහන් ලියවිලි සම්පුර්ණ කර අයදුම්පත්‍රය සමග භාර දුන් විට ගාස්තු අයකිරීමකින් තොරව තක්සේරු වාර්තාව ලබා දීමට කටයුතු කරනු ලැබේ. ව්‍යාපාර ලියා පදිංචි සහතික 2011 අංක 05 දරණ බස්නාහිර පළාත් වෙළද සංස්ථා හා සංස්ථාගත කරනු නොලැබු වෙළද ආයතනයන්හි ව්‍යාපාර නාම ප්‍රඥ්ප්තිය යටතේ කැස්බෑව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි ව්‍යාපාරයන්හි ව්‍යාපාර නාම ලියා පදිංචිය මෙම කාර්යාලයෙන් සිදු කෙරේ.එසේම මෙම ව්‍යාපාර නාම ලියා පදිංචිය නො:76/1/1,ගාලු පාර,කොළඹ 04 යන ලිපිනයේ පිහිටි බස්නාහිර පළාත් සමාගම් රෙජිස්ට්‍රාර් ප්‍රධාන කාර්යාලයේදී සිදු කළ හැකිය. මේ යටතේ I.තනි පුද්ගල ව්‍යාපාර නාමයන් ලියාපදිංචි කිරිම. II.වෙළද සමාගමක් ලියා පදිංචි කිරීම සිදු කෙරේ. 1) i.ව්‍යාපාර නාම(බ.ප) ආර් 1 ආකෘති පත්‍රය - තනි පුද්ගල ව්‍යාපාර සදහා ව්‍යාපාර නාම(බ.ප) ආර් 2 ආකෘති පත්‍රය - වෙළද සමාගම්/හවුල් ව්‍යාපාර සදහා මෙය අයදුම්කරු විසින් සම්පුර්ණ කළ යුතුය. ii.ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් නිකුත් කරනු ලබන ග්‍රාම නිලධාරි වාර්තාව ග්‍රාම නිලධාරි ලවා සම්පුර්ණ කරවා ගත යුතුය. iii.ව්‍යාපාර නාම ප්‍රඥ්පිතියේ 32(1) ඇ වගන්තිය යටතේ ව්‍යාපාර නාමයන් ලියා පදිංචි කිරිමේදි ලබා ගත යුතු බවට දක්වා ඇති පහත සදහන් ලියවිලි
(ඉහත ii යටතේ සදහන් කරන ලද ග්‍රාම නිලධාරි වාර්තා ආකෘති පත්‍රයෙහි දක්වා ඇත) 2) ලියාපදිංචි කරන ලද ව්‍යාපාර නාමයක සංශෝධනයන් සිදු කිරීම.
3). ලියාපදිංචි කරන ලද ව්‍යාපාරයක් වසා දැමීම.
4). මෙම ප්‍රඥ්ප්තිය යටතේ ලියාපදිංචි කරන ලද ව්‍යාපාර නාමයකට අදාල ලේඛන පරීක්ෂා කිරිමට/ව්‍යාපාරය ලියාපදිංචි කිරිමට අදාල ලේඛනයේ සහතික පිටපතක් ලබා ගැනීමට ඕනෑම අයෙකුට හැකිය. ඒ සදහා ,ව්‍යාපාර නාම (බ.ප) ආර්.6 ආකෘතිය මගින් ඉල්ලීමක් ඉදිරිපත් කර නියමිත ගාස්තුව ගෙවීමෙන් පසු සිදු කළ හැකිය.(ඇමුණුම VIII) 5). මෙම ප්‍රඥ්ප්තියේ 32(1) යටතේ පහත සදහන් එක් එක් කාර්යයන් උදෙසා සහතිකයක් හා ප්‍රකාශනයක් නිකුත් කිරිම වෙනුවෙන් පහත සදහන් ප්‍රමාණයෙන් යටතේ වු ගාස්තු අය කිරිම සිදු කරයි. කාර්යය ගාස්තු ප්‍රමාණය (රුපියල්) තනි පුද්ගල ව්‍යාපාර නාමයක් ලියාපදිංචි කිරීමේ සහතිකයක් නිකුත් කිරීම සදහා - 2,500.00 වෙළද සමාගමක් ලියාපදිංචි කිරීමේ සහතිකයක් නිකුත් කිරීම සදහා - 3,000.00 වෙනස්කම් ප්‍රකාශයක සහතිකයක් නිකුත් කිරීම සදහා (තනි/හවුල්/ව්‍යාපාර) - 2,000.00 නිකුත් කරන ලද ලේඛනයක සහතික පිටපතක් ලබා ගැනීම සදහා - 1,500.00 ලිපි ගොනුවක් පරීක්ෂා කිරිම සදහා - 300.00 6) තනි හෝ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදි හෝ යම් වෙනසක් සිදු කිරීමේදී දින 14ක් හෝ රෙජිස්ට්‍රාර්වරයා ඉඩ සදනු ලැබු කාල සීමාවන් ඇතුලත ඉල්ලුම් පත්‍ර ඉදිරිපත් කළ හැකිය.මෙහිදි ව්‍යාපාරික ප්‍රජාවගේ පහසුව පිණිස රෙජිස්ට්‍රාර්වරයා විසින් දින 30 ක් දන්වා සහන කාල සීමාවක් ලබා දෙනු ඇත.දින 30 පසු වු පසු ප්‍රමාද කාලය සදහා නඩු පැවරිය හැකි වුවද එසේ නඩු පැවරීම වෙනුවට සමථ කිරීමක් වශයෙන් රෙජිස්ට්‍රාර්වරයා සුදුසු යැයි තීරණය කරනු ලබන මුදලක් අය කිරීම සිදු කරයි. |














